Arduino – හැදින්වීම

Arduino යනු නිදහස් මෘදුකාංග මත පදනම් වූ ඉලෙක්ට්‍රොනික වේදිකාවකි. මෙය පහසුවෙන් භාවිතා කළ හැකි මෘදුකාංග හා දෘඩාංග අඩංගු මත පදනම් වේ. ඕනෑම කෙනෙකුට කැමති අකාරයෙන් ව්‍යාපෘති කිරීමට සෑදූවකි.

Arduino කියන්නේ සරළව පුංචී බල්බ් එකක් පත්තු කරන එකේ ඉදන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන රොබෝවරයෙක් හැදීම දක්වා දුරට විහිදී යනවා. Arduino නිදහස් මෘදුකාංග වගේම දෘඩාංගත්  නිපදවල තියනවා. ඉහලින් දැක්වෙන්නේ Arduino Uno කියන Micro Controller එකයි. වෙනමම Power Supply ගන්න එකක්, Memory එකක්, Input Output Pins වගේ හැමදේම මේකෙම ඇතුළත්වෙලා තියනවා. පරිගණකය සමඟ USB හරහා සම්බන්ධවීමට USB-Serial Port එකක් අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් USB එකෙන් Arduino වැඩකරන්න ඕන විදිහ ඇතුලත් Code එක ඇතුලත් කරන්න පුළුවන්.

http://www.arduino.cc/ හරහා තවත් Arduino පිළිබඳ තොරතුරු අවශ්‍ය නම් වෙබ් අඩවියෙ තියෙනවා. වෙළඳපොලේ විවිධ වර්ගයේ Arduino Board තියෙනවා. නවකයෙක්ට මේ වැඩේ කරන්න යන කෙනෙක්ට වඩාත් සුදුසුම හා ලාභදායී Board එක තමයි Arduino UNO කියන්නෙ.

මෙම Arduino Uno Boad + Cable එකක මිල රුපියල් 700 – 1000 අතර වෙනවා.

 

සමහර කඩසාප්පු වල Package එකක් විදිහටම Board එක ඇතුළුව තවත් උපංග කට්ටලක් මිලදී ගන්න තියනවා. නිවසටම ගෙන්වා ගන්න පුළුවන් වෙබ් අඩවිත් දැන් ලංකාවේ තියනවා. ඒ වගේම Ebay හරහාත් ගෙන්වා ගන්න පුළුවන්.

Arduino වල භාවිතා වන්නේ C Language එකට සමාන භාශාවකි. අපි  C Programming Language එක ගැනත් පාඩම් මාලාවක් පටන් ගත්තා.  අපිට මේ ආකාරයෙන් Program කරපු Arduino එක VB, C# වගේ Program එකක් සමඟද සම්බන්ද කරන්න පුලුවන්. Arduino Board එකක් එක්ක වැඩ කරන්න අපිට තව Input / Output modules ඕන වෙනවා.

  1.  Ulta-Sonic Sensor
  2. Temperature and Humidity Sensor
  3. Color Detecting Sensor
  4. Motion Sensor
  5. LCD Display
  6. Pressure Sensor

කියන්නේ ඒවගේ Input/Output උපංග කිහිපයක්. ඉදිරි පාඩම් මාලා තුලින් මේවා එක්ක වැඩ කරන හැටි අපි ඉගෙන ගමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *