දැන් වැඩපටන්ගන්න යන්නේ. කලින් පොස්ට් එකේ අපි කතා බහ කරා Arduino කියන්නේ මොකක්ද Arduino එකක් ගන්නේ කොහොමද වගේ දේවල්. දැන් අපි සරල Arduino පාව්ච්චි කරලා LED එකක් පත්තු කරන්නේ කොහොමද කියල දැන ගමු.
දැන් ඔයාල ගාව Arduino Board එකක් ඇති. දැන් Arduino IDE එක Install කරගන්න ඕනේ.
https://www.arduino.cc/en/Guide/Windows මෙන්න මේ link එකෙන් ගිහින් IDE එක Download කරගන්න පුළුවන්. Download කරගෙන Install කරගන්න.
මෙන්න මෙ වගේ Icon එකක් Desktop එකේ ඇති. එකෙන් IDE එක Run කරගන්න. ඊට පස්සේ මෙන්න මෙ වගේ Window එකක් ඔයාලට දැක ගන්න හම්බ වෙයි.
දැන් මුලින්ම අපි Code කරන්න යන Program එක save කරගන්න ඕනේ. කැමති නමකින් Project එක Save කරගන්න පුළුවන්.
අපි මෙ Arduino IDE එක පාවිච්චි කරන්නේ අපිට Arduino Board එක වැඩ කරන්න ඕන Code එක ඇතුලත් කරගන්න.
දැන් අපිට තියෙන්නෙ අරගත්ත Arduino Board එකේ Drivers Install කර්ගන්න එක. මිලදී ගත්ත Arduino Board එකට අදාළ Drivers පහසුවෙන් Internet Search කරලා Download කරලා Install කරගන්න.
ඊට පස්සේ cable එක හරහා Arduino Board එක Computer එකට සම්බන්ධ කරගන්න. Board එකේ රතු පාට Light එකක් පත්තු වෙනවනං එකෙන් කියන්නේ Board එකට Power එනවා කියල. දැන් තියෙන්නෙ Software එකට අපේ Arduino Board එකේ වර්ගය තෝරලා දෙන්න.
ඒ විදිහටම පහලින් තියන PORT එකත් select කරගන්න තියෙන්නේ. Arduino Code එකේ අපි දැගන්න ඕනෙ ප්රධාන කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි
- void setup()
- void loop()
මෙතන Setup () යන කොටසෙදි තමයි අපි Arduino එකට ලබා දෙන Input , Output ගැන තොරතුරු ලබා දෙන්නෙ. Loop () එකේ තමයි වැඩ කරන්න ඕන විදිහ Code කරන්නේ. (eg ; LED එක පත්තු කරන්න නිවන්න කියලා)
ඔය තියෙන්නේ අපි Upload කරන්න යන Code එක. ඔකේ pinMode() කියන එකෙන් කියවෙන්නේ Arduino Board එකේ තියන 13 වෙනි pin එක OUTPUT එකක් විදිහට සෙට් කරන්න කියන එක. එතනින් අපි Configuration එකක් තමයි කරන්නේ.
digitalWrite() එකෙන් කරන්නේ අදාල 13 PIN එකට Power එක දෙන්න හරි එපා හරි කියන එක. High එකෙන් LED එක පත්තු වෙනවා. Low එකෙන් LED එක නිවෙනවා. delay(1000) එකෙන් කියන්නේ මිලි තත්පර 1000 පරක්කු කරන්න එක. ඒ කියන්නේ තත්පර 1. ඒ’ කියන්නේ තත්පර 1 පත්තුවෙලා තිබිල තත්පර එකකින් LED එක නිවෙන්න කියන එක. ඊට පස්සේ තවත් තත්පරයක් ඉදල ආපහු පත්තු වෙන්න කියන එක. මොකද මේක Loop() එකක්. නොනවතව RUN වෙන Code එකක්.
දැන් පහත දැක් වෙන ආකාරයට ඔයාල කැමති විදිහකට ඔයාලට Setup කරගන්න පුළුවන්.
GND කියන්නේ negative power එක එන්නේ එතනින්. එතකොට LED එකී රින පැත්ත සෙට් කරන්න ඕනේ එකට.
ඊයම් වලින් පාස්සන Circuit Board එකක් වගේ නෙවේ Breadboard එකේ අපිට ඕනෙ වෙලාවක උපාංග සම්බන්ද කරන්න, ඉවත් කරන්න පුලුවන්.මේකෙ තියෙන සිදුරු තුළ තිබෙන සන්නායක පිහිටන්නෙ පහත ආකරයට.

දැන් කිසිම වරදක් නැතුව ඔයාලගේ බල්බ් එක නිවී නිවී පත්තු වෙනවා ඔයාලට බලාගන්න පුළුවන්. ඉතින් ප්රශ්න තිබොත් comment කරන්න. ඊලග පොස්ට් එකෙන් නැවත හමු වෙමු.
Interest in technology related anything. Software Engineer in dotnet , Carrom Player. Try to do my best for the country and for human race.