C Compiler එක install කරගමු

අන්තිම පාඩම කියෙව්වනන් ඔයාලට අදහසක් ඇති මොකක්ද compiler එකෙන් කරන්නෙ කියල. එහෙනන් අපි දැන් වැඩ පටන් ගන්න යන්නෙ. එහෙනන් මුලින්ම අපේ C Compiler එක install කරගමු.

පහත තියන link එකට ගිහින් ඔයාලට c compiler එක download කරගන්න පුලුවන්.

http://tdm-gcc.tdragon.net/download

මෙකට gcc කියලත් කියනවා. ඒ වගෙම GNU C compiler කියලත් කියනවා. GNU කියන්නෙ compiler collection එකක්. ඒ නිසා තමයි GNU C කියන්නේ. GNU එකෙ C compiler කියන අදහසින්. ඉතින් උඩ තියන link එකෙන් ගියාට පස්සෙ කැමති Version එකක් ඔයාගෙ අභිමතයට Download කරගන්න පුලුවන්. එත් Latest version එක පාවිච්චි කරන්න කියල තමයි උපදෙස් දෙන්නෙ.

http://tdm-gcc.tdragon.net

ඉතින් මෙක සාමාන්‍ය සොෆ්ට්වෙයාර් එකක් install කරන විදිහටම තමා install කරන්න තියෙන්නේ. පහලින් ඔයාලට steps ටික තියනවා ඕන අයට බලන්න පුලුවන්.

1.0

Check for Update එකෙ ටික් එක අයින් කරල create button එක click කරන්න.

1.1
1.2
1.3

හරි. ඔන්න ඔයාල දැන් c compiler එක install කරගෙන අවසන්. දැන් බලමු අපි compiler එක හරියට Install වෙලාද කියල. කෙලින්ම යන්න command prompt (cmd) එකට. දැන් type කරන්න gcc කියල. බලන්න පහත රුපයෙන් පෙන්නනවා වගෙ error message එකක් එනවද කියලා. එනවන්නන් වැඩෙ ගොඩ.

2.0

මෙක install කරද්දි environment variables වලට path එක කෙලින්ම සෙට් වෙන නිසා ඔයාලට වද වෙන්න දෙයක් නැ. කෙලින්ම install කරාට පස්සෙ වැඩ කරන්න පුලුවන්. ඔයාට compiler එකෙ version එක බලාගන්න ඔනනන් command prompt එකෙ
gcc -v හරි gcc –version කියල හරි type කරල enter කරන්න.

ඒ වගෙම ඊළගට ඔයාල Visual Studio Code එකත් install කරගන්න ඔනේ. මේ IDE එකෙන් තමයි ඉදිරියට තියන ඔක්කොම development කරන්නේ. VS Code එකම ඕනෙම නැ ඔයාල කැමති වෙන ඔනම IDE එකක් පාවිච්චි කරන්න පුලුවන්. Atom.io එකත් recommend කරනවා. ඔය මොකක්වත් නැත්තත් ඔයාලට notepad එකෙන් උනත් program ලියන්න පුලුවන්. එහෙනන් දැන් ඔක්කොම හරි.

ඉළග article එකත් එක්ක සම්බන්ද වෙනකන් හැමොටම සුභ දවසක්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

shares