C Programming සිංහලෙන් – 02 (Compiler හා Interpreter)

 

එදා අපි කතා කලා භාෂා පරිවර්තකයින් ගැන. මේවා පාවිච්චි කරන්නේ ඉහළ පරම්පරාවක පරිගණක භාෂාවකින් ලියන ලද පරිගණක වැඩ සටහනක් යන්ත්‍ර භාෂාවට (Machine Code) හැරවීම සිදු කරන මෘදුකාංගයි. භාෂා පරිවර්තකයින් වර්ග දෙකක් ඇත. ඒවා Compiler හා Interpreter නම් වේ.

අපි හිතමු කව්රු හරි කතාවක් පවත්වනවා කියලා.

ඔහුට පුළුවන් කතාව කලින් සකස් කරන් ලියලා පුරුදු වෙලා ඇවිත් කතාව පවත්වන්න.නැත්තන් ඔහුට පුළුවන් ඒ වෙලාවේම හිතන විදියට තමන්ගේ කතාව පවත්වන්න.

අපි සකස් කල ගත් කතාවක් නම් අපිට පුළුවන් ඒක වෙනත් භාෂාවකට පහසුවෙන් පරිවර්තනය කරන්න.මොකද මුළු කතාවම අපි කලින් දන්න නිසා අපිට පුළුවන් එක පාර පරිවර්තනය කරන්න.

නමුත් අපිට ඒ වෙලේ කරන කතාවක් පරිවර්තනය කරනවා නම් සිද්ද වෙනවා ඔහු කියන පේළියෙන් පේළිය පරිවර්තනය කරන්න.

පරිගණකයේත් අපි කතා කල භාෂා පරිවර්තකයින් උන Compiler හා Interpreterහි ක්‍රියාකාරිත්වයත් මේ වගේමයි.

 

Compiler හා Interpreter යනු ?

Compilers යනු මුළු පරිගණක වැඩ සටහනම එකවර යන්ත්‍ර භාෂාවට හරවන පරිවර්තක ය. එහිදී මුලින් මුළු වැඩ සටහනම යන්ත්‍ර භාෂාවට හැරවෙන අතර ඉන්පසු Run කිරීමට අවශ්‍ය වාරයක් වාරයක් පාසා එය ක්‍රියාත්මක කළ හැකිය. මේ නිසා Run කිරීමේදී මෙයට ගතවන කාලය ඉතා අඩුය. එහෙත්, මුලින් පරිවර්තනය වීමට නම් යම් කාලයක් ගත වේ. මෙම වර්ගයට Java, C++ , Pascal වැනි භාෂා වගේම අපි කතා කරන C language . C හි compiler එක GCC (GNU Compiler Collection)නමින් හදුන්වයි.

 

Interpreter එකකින් වැඩ සටහනක් පරිවර්තනය කිරීමේදී එය සිදු වන්නේ පේළියන් පේලිය බැගිනි. මෙ නිසා එයට විශාල කාලයක් ගත වන අතර Run කරන වාරයක් පාසා මෙම පරිවර්තනය කිරීම සිදු කළ යුතු ව තිබිණි. Python, Ruby, BASIC නම් පරිගණක භාෂා අයත් වන්නේ මෙම වර්ගයටයි.

 

මෙම වර්ග දෙකට අමතරව assembly language එකේ තිබුන පරිවර්තකය හදින්වූවේ assembler නමිනි.

 

 

අපි ඊලග post එකෙන් C language එකට අත්පොත් තියමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

shares