fbpx

Design and Developing Responsive website සිංහලෙන් – හැඳින්වීම

අපි මේ පාඩම් මාලාවෙන් බලමු කොහොමද Responsive website එකක් Adobe Photoshop  වලින් හෝ Adobe illustrator වලින් design කරල responsive විදිහට HTML,CSS,BOOTSTRAP,JAVASCRIPT use  කරල develop කරගන්නෙ කියල.

මුලින්ම බලමු Responsive website එකක් කියන්නෙ මොකක්ද කියල. Responsive website එකක් කියන්නෙ අපි සමාන්‍යෙන් use කරන Laptop, Tablet, Mobile phone වගෙ හැම devise  එකකම පැහැදිලිව බලාගන්න පුලුවන් website එකකට.ඒ කියන්නෙ අදාල website එක ඕනෑම screen size එකක හොඳට render වෙනවා.Laptop, desktop  වගේ Large screen වල වගේම Tablet, mobile වගෙ small size screen වලත් ඒ අදාල website එකේ contents, tables, Images,Texts, forms පැහැදිලිව,flow එක හොඳට ගලාගෙන යන විදිහට දැකගන්න පුලුවන්.

මේ වගේ website එකක් develop කරන්න කලින් මුලින්ම website එකෙ layout එකක් design කරගැනීම අත්‍යවශ්‍යයි.ඒ design කරගත්ත layout එක බලාගෙන තමයි website එක develop කරන්නෙ.මේ layout එක design කරනකොට අපි අපෙ clientගේ requirements වලට මූලික තැනක් දෙන්න ඕන.ඒ කියන්නෙ client website එකෙන් බලපොරොත්තු වෙන්නෙ මොනවද කියන එක,ඊට අමතරව logo, slogan අවේනික colors, fonts තියෙනවනම් ඒව ගැනත් අවධානය යොමු කරන්න ඕන.

මේ විදිහට requirement හඳුනගත්තට පස්සෙ අපි layout එක design කරද්දි size තුනකට layout එක හදාගන්න ඕන.ඒ කියන්නෙ laptop වගෙ large size screen වලට, tablet වගෙ medium size screen වලට හා mobile screen  වලට වෙන වෙනම layout තුනක් design කරගන්න ඕන.රූප සටහනේ තිබෙන විදිහට size තුනෙන් layout design කරගන්න ඕන.ඒකෙ ඔයාලට බලාගන්න පුලුවන් මේ grid use කරල තියෙන විදිහ.

මේ විදිහට layout design කරද්දි අපි grid system එකක් use කරනවා.මොකද ‍responsive website එක develop කරද්දි මේ grid system එක අතිශය වැදගත් නිසා. Photoshop, illustrator වලට මේ grid pattern එක add කර ගෙන ක්‍රමානුකූල website layout එකක් design කර ගන්න පුලුවන් අපී මීලග article එකෙන් බලමු.මේ සඳහා අවශ්‍ය තව Photoshop tool කිහිපයක් තියෙනව.ඒ ටික Photoshop වලට add කරගෙන layout එකක් design කරගන්නෙ කියල.

Leave a Reply

Your email address will not be published.

shares